ආණමඩව හිරාන් ප්‍රියංකර ජයසිංහ
විල්පත්තුව ජාතික වනෝද්‍යානය මැදින් වු මාර්ගය හරහා නිති විරෝධි ලෙස ප්‍රවාහනය කළ මුහුදු අශ්වයින් තොගයක් ඇතුළු තවත් මුහුදු ජීවින් තොගයක් බස් රථයකින් රැගෙන යමින් සිටියදී වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විල්පත්තුව වන මැදින් වු මාර්ගයේ මන්නාරම සිට කල්පිටිය දක්වා ගමන් ගත් පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක රහසිගත ලෙස විශාල උරයක මුහුදු අශ්වයින් 1510 ක් ,මෝර වරල් 292 ක් විශේෂ සිප්පි කටු 3107 ක් සහ තවත් මුහුදු ජීවින් තොගයක් රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
විල්පත්තුව වන මැදින් වු මාර්ගයේ දිගින් දිගටම නිති විරෝධි ක්‍රියා සිදුවන බවට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත.
ළඟ තබා ගැනිම,ප්‍රවාහනය සහ අලෙවි කිරීමට තහනම් මෙම මුහුදු ජීවින් කලක පටන් මෙම සැකකරු මුහුදු ජීවීන් ජාවාරම සිදු කර ඇති බවට වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක එකකය පවසයි.
සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.




