විල්ගමුව ප්‍රාදේශිය සභාවේ නිල කැබ් රියෙහි ගංජා තබා ගත්තැයි රිමාන්ඩ් බන්ධනාගාරව සිටි විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත වීරසේකර හා හිටපු සභාපති රංජිත් කුමාරසිංහ එක් අයකුට රුපියල් දහදාහක මුදල් හා රුපියල් පනස්දහසක ශරීර ඇප මත මුදා හරින්නැයි නාවුල ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.
ලබන 16 වැනිදා ලග්ගල පල්ලේගම අධිකරණයේ නඩුව කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

