විරෝධය දක්වන්න කොළඹ එද්දී පිරිසක් නිවාඩු දමා ගමට යති


(ශිරාන් රණසිංහ)

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන විරෝධතාවයට සහභාගීවීම සඳහා දිවයිනේ ජනතාව සතර දෙසින් කොළඹ කරා ඇදෙමින් සිටින බව ඒ ඒ ප්‍රදේශවලින් වාර්තා වේ.

මොවුන් කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමට දැනට සැලසුම් කර ඇතැයි ද ඇතිවන තත්ත්වය අනුව එකතුවන ස්ථානය වෙනස්වීමට හැකි බව ද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කියා සිටියේය.

අද(05) කොළඹට රැස්වන ජනතාව හා ඔවුන්ගේ විරෝධතා පෙළපාලි නිසා ඊයේ(04)  සවස දුර බැහැර ප්‍රදේශවල බොහෝ පිරිසක් පෞද්ගලික නිවාඩු දමා ගම්බිම් වලට ගොස් තිබිණි.

අද(05) ඇතැම් රාජ්‍ය හා පුද්ගලික කාර්යාලවලට පැමිණි සේවකයින්ගේ අඩුවක් ද පවතින බව ඒ ඒ ආයතනවල ප්‍රකාශකයෝ සඳහන් කළහ.
මේ වනවිට කාර්යාලවල බොහෝ අය වරු නිවාඩු දමා ගම්බිම් වලට යෑමට පටන්ගෙන ඇතැයි ද වාර්තා වේ.