විරෝධතාවන්ට වතුර ගැසූ පොලීසියට මිලියන 64ක්


(දයාසීලී ලියනගේ )

යහපාලන රජය සමයේ පැවති විරෝධතා ව්‍යාපාරවලට ජල ප්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරීන් සදහා රුපියල් මිලියන 64 ක අතිරේක දීමනාවක් ගෙවා ඇති බව වාර්තා වෙයි.

මෙම කාලයේදී විවිධ කරුණුවලට විරෝධතා 500 ක් පමණ පවත්වා ඇති බවද වාර්තා වේ.

මෙම විරෝධතා මැඩපැවැත්වීම සදහා ජල ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ සදහා සහභාගී වූ පොලිස් නිලධාරින්ට බටා දීමනාව ලෙස රුපියල් මිලියන 64 ක් ගෙවා ඇති බව වාර්තාවේ.