විරෝධතාකරුවෝ ගාලු මාතර මාර්ගය අවහිර කරති


(සුමතිපාල දීයගහගේ )
 

හබරාදූව තල්පෙ නිග්‍රෝධාරාම විහාරස්ථානය සතු ඉඩමක වෙනත් පුද්ගලයෙක් නිවසක් ඉදිකිරිමට විරෝධය පල කරමින් ප්‍රදේශවාසීහු අද (18) තල්පේ දී ගාල්ල මාතර මහා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.

හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රසාද් ජයතිලක මහතා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් උද්ඝෝෂකයින් හමු වී කරුණු පැහැදිලි කොට ඔවුන් විහාරස්ථානයට කැදවා සාකච්ඡා කළේය.

එහිදී විහාරස්ථානයේ දායක සභාව ප්‍රකාශ කළේ වසර සියයකට වැඩි කාලයක් තිස්සේ මෙම ඉඩම විහාරස්ථානය සතුව ඇති බවයි. එහෙත් එම ඉඩමේ නිවසක් ඉදිකරමින් සිටින පුද්ගලයා ඉඩම තමාට අයත් එකක් බව කීවේය. 

ඒ අනුව මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කොට තහනම් නියෝගයක් ලබා ගන්නා බව පොලිසිය ඔවුනට පැවසීමත් සමඟ උද්ඝෝෂණය නරත කළේය.