විරෝධතා ගොනු කරන්න නීතිපතිට කල්දෙයි


විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක්  නීති විරෝධි ලෙස එළිපෙහෙළි කරමින්  නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධ විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය  අද (7)  නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.

පෙත්සම ලබන නොවැම්බර් 12 වැනිදා යළි සලකා බැලීමට නියමිතය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ පෙත්සම කැඳවිනි. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙදෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.