(එෆ්.අස්ලම්)
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 4කට බලකරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහය පලකරමින් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් ඇතුළු පිරිසක් මඩකලපුවේදී අද (1) උදෑසන සංකේත උපවාසයක් ආරම්භ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට ඉල්ලා අස්වන්නැයි බලකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී උපවාසයක් ආරම්භ කළේ ඊයේ (31) දිනයේය.
ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදුන් මෙකී දේශපාලකයින් තිදෙනාම ධුරවලින් ඉවත් වියයුතු බවත් නොවන්නේ නම් තමන් මාරාන්තික උපවාසයකට යන බවත් වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ලංකාදීපයට සඳහන් කළේය.



