වියානා ඇලේ අනතුරින් අතුරුදන් වු ගුරුවරයාගේ සිරුර හමුවෙයි


(නිශාන්ත කුමාර)

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්ණ ඇල මාර්ගයට ඊයේ (26) උදෑසන පෙරලී ගිය මෝටර් රථයේ  සිට අතුරුදන්වූ   ගුරුවරයාගේ මළ සිරුර     සිද්ධියෙන් පැය 24 කට පමණ පසුව අද (27)  සොයා ගත් බව පොලිසිය පවසයි.

අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර්  8 ක් පමණ පහළින් පිහිටි වියානා ඇල කෙලවර   දියබානාවැවේ ඔරුබැදිවැව ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සිරුර සොයා ගෙන ඇත.

මියගොස් ඇත්තේ නලින් කාරියවසම් (29) නම්වූ තිස්සපුර විද්‍යාලයේ ගුරුවරයෙකි.