සමුපකාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද වියළි සළාක ගෙයින් ගෙට බෙදාදිමේ වැඩසටහන බස්නාහිර පළාතේ අද (25) ආරම්භ කෙරිණි.
'අපි එනතුරු ගෙදර ඉන්න ' නමින් එම වැඩසටහන නම් කර තිබිණි.
මෙම වැඩසටහන යටතේ රුපියල් 500 සිට රුපියල් 1000 යුත් වියළි සළාක බඩු මලු ජනතාවට ලබා ගත හැකිය.
අවශ්‍ය බඩු මලු දුරකතනය මගින් දැනුම් දිමෙන් ගෙදරටම ගෙන්වා ගත හැකිය.
බස්නාහිර පළාතේ විවිධ සේවා සමුපකාර 38ක මෙම වැඩසටහන සිදුකරන බව බස්නාහිර පළාත් කොමසාරිස් රුවනි විජේවිකම මහත්මිය පැවසුවාය.
වියළි සළාක ගෙන් ගෙට බෙදාදිමේ වැඩසටහන අරඹයි
(මලීෂා ගුණවර්ධන)

