වියළි සහන යළිත් එයි


නියඟය වෙනුවෙන් ආණ්ඩු විසින් ජනතාවට ලබාදුන් වියළි සහන යළි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන්  මාස 04ක කාලයක් වියළි සහන ලබාදීමේ වැඩසටහන රජය ක්‍රියාත්මක කළ අතර, පසුව එය නවතා තිබිණි.

මේ සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය   චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබිණි.

ඒ අනුව එය නැවත ලබාදීමට කටයුතු සැලසුම් කරදෙන ලෙසට කරන ලද ඉල්ලීම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර එකඟතාව පළ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එය නැවත ක්‍රියාත්මක කරන ලෙසට විෂයභාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත පවරා ඇත.