වියළි දින ගණන 65 කින් වැඩිවෙයි


(ඉන්දික අරුණ කුමාර)

රට තුළ පැවති වාර්ෂික වර්ෂාපතනය වූ මිලිමීටර් 2005 මේ වන විට මිලිමීටර් 1061 කට අඩුවී ඇතැයි ග්‍රැෆික් ශ්‍රී ලංකා පදනම පවසයි.

වාර්ෂික වර්ෂාපතනය මිලිමිටර් 148 ට පහත වැටීම හා ලංකාවේ වියළි දින ගණන 115 න් 180 දක්වා ඉහළ යෑම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය යුතු බව ග්‍රැෆික් ශ්‍රී ලංකා පදනමේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ ගාමිණි ජයතිස්ස මහතා කීය.

හෙතෙම මෙම අදහස් පළ කළේ ඉකුත් (9) වැනි දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති මාතලේ දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුවේ වාර්ෂික රැස්වීමට එක් වෙමිනි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සිවිල් හා රාජ්‍ය ආයතන නිරන්තර අවධානයෙන් පසුවීමත් ප්‍රජාව දැනුවත් කිරිම් සිදුකිරිමත් සිදුවිය යුතු බව සඳහන් කළ ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික හා කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් ප්‍රජා පාදක වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බවයි.

මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන රැසක සාමාජික සාමාජිකාවෝ රැසක් එක්ව සිටියහ.