(ඩයනා උදයංගනී)
දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවකට බලපෑ වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජලය ලබාදීම වෙනුවෙන් මේ වසරේ ගතවූ කාලයේදී රුපියල් කෝටි 5000ක මුදලක් වැය කරන්නට සිදුවූ බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක‍්‍රිස්ටිලාල් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
ඉකුත් 2015 වසරෙන් පසු කාලය මෙරටට වැඩි වශයෙන් ආපදා ඇති වූ කාලයක් බව ද අතිරේක ලේකම්වරයා සඳහක් කළේය.
ඉන් වැඩිම හානි සිදුවූයේ ගං වතුර හේතුවෙන් බව ද ඔහු කියා සිටියේය.
අතිරේක ලේකම්වරයා මේ බව පැවසුවේ ආපදා වාර්තාකරණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී අද (6) පැවති වැඩමුළුවක් අමතමිනි.
ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය , සර්වෝදය ෆියුෂන් ආයතනය හා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.