වියලුවට මහ වැසි


(නිශාන්ත කුමාර)
 
පිටමාරුව, මීගහකිවුල, බලගොල්ල තල්දෙන ඇතුළු වියලුව ආසන්න ප්‍රදේශ රැසකට අද (16) සවස ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටුණි.
 
වර්ෂාව පැය එකහමාරක පමණ කාලයක් පැවැතිණි.

මහියංගන රිදීමාලියද්ද, මැදඔය හා ඒ අවට ප්‍රදේශ කිහිපයකටද මද වැසි ඇදහැලුණි.
 
ඇතැම් ප්‍රදේශවලට අකුණු සහිත වැසි ඇදහැලුණි.
 
මෙවැනි වර්ෂාවක් ඇදහැලුණේ මාස දෙකකට පමණ පසුවය.