(අමල් වික්‍රමරත්න)
පෝද්දල පොලිස් වසමේ හපුගල අක්කර 5 මවූනට් ප්ලේසන්ට් වත්තේ සිය කුරුදු ඉඩමේදී කපාකොටා මරා දමාතිබු පුද්ගල මළසිරුරු දෙකක් අද උදෑසන පොද්දල පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.
ප්‍රදේශවාසියකු විසින් දෙනලද තොරතුරකට අනුව අද උදෑසන පොලිසිය එම ස්ථානයට යනවිට මරාදමා තිබු 72 හැවිරිදි වැඩිමල් සොයුරා සහ ඔහුගේ බාල සොහොයුරියගේ මල සිරුරු හමුවී තිබේ. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ජයනාම ජාගොඩ (72) සහ මාලිනී ජාගොඩ නමැති දෙදෙනකු බව පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳව පොද්දල පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.



