ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රියාව අතර ගුවන් ගමන් සේවාවක් වසර 10 කට පසු අද (28) සිට යළි ආරම්භ විය.
ඕස්ට්‍රියා ගුවන් සමාගමට අයත් බෝයිං 767-300 වර්ගයේ ධී 047 දරණ ගුවන්යානය වියානා අගනුවර සිට අද පෙරවරු 7.45ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ආරම්භක අදියරේ දී දෙරට අතර සතියකට එක් ගුවන් ගමන් වාරය බැගින් ක‍්‍රියාත්මක වන අතර ලබන අප්‍රේල් මාසයේ සිට සතියකට ගමන් වාර තුන බැගින් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

