විනීතා එම් ගමගේ
මහින්ද සුළඟත්, පැවිදි හඬත් නැත්නම් පොහොට්ටුවක් නැති බව කවුරුත් දැන සිටිය යුතු බවත් රට ගොඩගන්නට දායකත්වය දුන් අය අමතක කිරීම අනුවණ කමක් බවත් පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
බලය අනිසි ලෙස භාවිතා නොකරන්නැයි පොහොට්ටුවේ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් විමල් වීරවංශ මහතාට එරෙහිව යන්නට පොහොට්ටුවේ කවුරුන් හෝ සූදානම් වුවහොත් ඊට එරෙහි වන්නට දෙවතාවක් නොසිතන බවත් ආනන්ද හිමියෝ කීහ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මේ අදහස් පළ කළේ නාරහේන්පිට අභයාරාමයේ අද (10) පැවති පැවිදි හඬ මාධ්‍ය හමුවේ දීය.
එහි දී තවදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ තේරුමක් නැති කථාවලට සවන්දෙන්නට ජනතාවට අවශ්‍යතාවයක් නැතැයි ද සිදුවිය යුත්තේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකට එක්ව කටයුතු කිරීම බව ද ප්‍රකාශ කළහ.
ජනතාව නොමග යවන්න එපා යැයි තමන් ඉල්ලා සිටින බව කී උන්වහන්සේ සමහරුන්ගේ කටවාචාල කථාවලට පිළිතුරු දෙන්නට තමන් සූදානම් බවත් ජනතාව නොමග යවන්නට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් කීහ.

