(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ මුල් නඩු වාර්තාව මහාධිකරණයට එවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ගංගොඩවිල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරයාට අද (11) නියම කළේය.
වසර 6 කාලයක් තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 7 1/2කට ආසන්න අල්ලස් මඟින් උපයාගත් මුදල් හා දේපළවල හිමිකරුවක සිටින ලදැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
ලබන ජනවාරි 11 වැනි දාට ප‍්‍රථම අදාළ මුල් නඩු වාර්තාව මහාධිකරණයට එවන ලෙස ලේඛාධිකාරීවරයාට නියම කැරිණි.

