විමල් වීරවංශට ඩුබායි යන්න බැරිවේ


පරණ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා යෑමට කටුනායක ගුවන්තොටට  පැමිණි බව කියන ජාතික නිදහස් පෙරමුණේ නායක සහ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගුවන්තොටුපොළ රහස් පොලිස් පරිශ්‍රයේ රඳවාගෙන පරීක්ෂණ පවත්වන බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.

අද පෙරවරු 9.30ට පමණ සිට ඔහු රඳවා ගෙන ඇතැයි එම ආරංචි පවසයි.

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය  නැති වූ බව කියමින් තවත් ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බවත්, එහෙත්   වීසා සටහන් සහිතව ගුවන් තොටුපොළට ඉදිරිපත් කර ඇත්තේ නැති වූ බව කියන බලපත්‍රය බවත්, ඒ ගැන ප්‍රශ්න කිරීමට වීරවංශ මහතා රඳවා ගත් බවත් පොලිස් ආරංචි කියයි.