(ප්‍රසාද් මුතුකුඩ)
ආගමන විගමන නීති උල්ලංඝණය කර විදේශ ගතවීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව ජූනි 14 වැනි දා දක්වා කල්තැබීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් නිල්මිනි රන්කොත්ගේ මහත්මිය අද (15) නියෝග කළාය.
අස්ථාන ගතවු බව කියන ගමන් බලපත්‍රය ඉදිරිපත් කර විදේශ ගතවීමට උත්සහ කිරීමේදී 2015 ඔක්තෝබර් 23 වැනි දා කටුනායක ගුවන්තොටුපලේදි වීරවංශ මහතා අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වීරවංශ මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.