විමල් වීරවංශ රෝහලේ


(ඩයනා උදයංගනී)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටින බව පක්ෂ ආරංචි පවසයි.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වය නිසා ඊයේ(24) සවස ඒ මහතා රෝහල් ගත කරනු ලැබ ඇති අතර මේ වන විට ඒ මහතා සුවය ලබමින් පසුවන බව වාර්තා වේ.

මේ හේතුවෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවද අවලංගු කෙරිණි.