(ශිරාන් රණසිංහ )
විභාග රාජකාරීවල නිරතව සිටින විදුහල්පතිවරු හා ගුරුවරුන්ට ගෙවන දීමනා වැඩි කරන්නැයි ලංකා ගුරු සංගම ඉල්ලා සිටී.
මේ වන විට විභාග ශාලාධිපතිවරයකුට දිනකට ගෙවනු ලබන්නේ රුපියල් 1500 ක් පමණක් බවත් නිත්‍ය නිරීක්ෂකට නිලධාරීයාට රුපියල් 1300 ක් ද අතිරේක නිරීක්ෂකයකුට රුපියල් 1200 ක්ද සම්බන්ධිකරණ නිලධාරියෙකුට රුපියල් 1700 ක්ද අලුතින් පත් කළ අතිරේක ශාලාධිපතිට රුපියල් 1500 ක දීමනාවක් හා ගමන් ගාස්තු 600 ක් සමඟ රුපියල් 2100 ක් ගෙවන බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා පවසයි.
කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1500 ක් පමණ යැයිද මේසන් බාස්වරයකුගේ දෛනික වැටුප 2500 ක් යැයිද ඒ මහතා පෙන්වා දෙයි.
විදුහල්පතිවරු හා ගුරුවරු කම්කරුවකුගේ වැටුපකට ඇද දමා තිබීම නිසා බොහෝ අය විභාග රාජකාරී කිරීමට අතෘප්තිමත්ම සිදු කරන බව ද ඒ මහතා කීය.