(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන සියලුම විභාග මධ්‍යස්ථාන ධූමායනය කිරීමට අවශ්‍ය පිවර ගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ දිනවල ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් පවතින හෙයින් විභාග මධ්‍යස්ථාන පරිශ්‍ර ධූමායනය කරවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.
මෙවර අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මස හය වැනි දා සිට සැප්තැම්බර් මස පළමු වැනි දා දක්වා පැවැත්වෙන අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස පස් වැනි දා පැවැත්වේ.