විභාග අපේක්ෂකයා ළඟ දුරකතනයක්


දිල්රුක්ෂි ග්‍රේරු සහ රංජන් කස්තුරි
 
ගම්පහ  විභාග මධ්‍යස්ථානයක  අපේක්ෂකයකු විභාගය අතරතුර දුරකතනයක් භාවිත කරද්දී සොයා ගත් බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

 
ඒ සම්බන්ධයෙන් සෙසු අපේක්ෂකයන් පැමිණිලි කිරීමෙන් පසු එම සිසුවාගේ දුරකතනය විභාග ශාලාධිපති භාරයට ගෙන තිබේ.
 
මෙම සිද්ධිය යටපත් කිරීමට විවිධ බලපෑම් පැමිණෙන බවත්, විභාග ශාලාධිපති එය ඉහළට වාර්තා කර ඇත්තේ ප්‍රමාධ වී බවත්, ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
 
මේ ගැන කළ විමසීමක දී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ එවැනි පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් සිදු කරන බව ද ඔහු කීවේය.