විපක්‍ෂයත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ තොරතුරු රැස්කරයි


( ජයන්ත සමරකෝන් ) 
ජාතික ආරක්ෂාව  පිළිබඳව මෙන්ම ඕනෑම වැදගත් තොරතුරක් ලබාදීම සඳහා  මහජනතාව  වෙනුවෙන්  විපක්ෂ නායක කාර්යාලයේ විවෘත තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවන බව ඒකාබද්ධ විපක්ෂායේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.
 
 කොළඹ 07, අංක 30  විපක්ෂ නායක කාර්යාලයේ පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.
 
 එළැඹෙන පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර මේ පිළිබඳව තීරණයක් ගන්නා බවද  ඔහු සඳහන් කළේය.