විපක්‍ෂය නැති කළේ හිටපු අගවිනිසුරු
ශ්‍රී ලංකාවේ හරිහමන් විපක්‍ෂයක් නැතැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා දැන් අඳෙනා නඟන නමුත් ඒ තත්ත්වය ඇති කළේ ඔහු අගවිනිසුරු වශයෙන් අධිකරණය විනාශ කරමින් නඩු තීන්දු දුන් සමයේදී යැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී පැවැසීය.
ඔහුගේ එදා ක‍්‍රියාකලාපය සෙවීමට රජය දැන් පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට යන නමුත් රජයට පක්‍ෂව තීන්දු දෙද්දී මෙවැනි පරීක්‍ෂණ ගැන කිසිත් කීවේ නැතැයිද මන්ත‍්‍රී කීවේය. පැත්ත මාරු කරන මන්ත‍්‍රීවරුනට උඩ ගෙඩි දී විපක්‍ෂය අකර්මණ්‍ය කළේ ඔහු බවද ජයසේකර මහතා කීවේය.

