
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමන් කරන්න හිටපු දේවල් මේ ආණ්ඩුව විසින් කරලා යැයි විපක්ෂයේ හිත් හොඳටම රිදී ඇති බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"අපේ පළවෙනි අවුරුද්ද වැඩිපුරම ගත කළේ ආර්ථිකයේ ස්ථාවර බව ආරක්ෂා කර ගැනීම සඳහායි.අපි බලයට එන අවස්ථාවේදී අපේ ආර්ථික ප්‍රතිපත්තියේ ඉතා පැහැදිලිව පැවසුවා.ජාජබ ආණ්ඩුව ඉතා කෙටි කලකින් කඩා වැටීමට ලක්වන බව අද විපක්ෂයේ සිටින උදවිය එදා දුර්මතයක් ගෙන ගියා. ඒ නිසා අපට කිසිදු වරදක් නොවී ආර්ථික ස්ථාවර බව අඛණ්ඩව ගෙනයාමේ වගකීම තිබුණා.පළමු වසරේදී අප ඇතිකරගත් මූල්‍යය විනය සම්බන්ධයෙන් ඇත්තෙන්ම අපට ආඩම්බරයි.විපක්ෂයේ කතාවල සාරය ගතහොත් ඔවුන්ට ඇත්තේ වත්මන් රටේ තත්ත්වය ගැන නොසතුටක් නොවේ.බදු ආදායම්, සංචාරක ආදායම් ඉහළ ගිහින් තියෙනවා. සමස්තයක් ලෙස ගත් විට අප කරලා තියෙන දේවල් ගැන කියන්න දෙයක් නැහැ.ඔවුන්ගේ පොදු හිත් රිදීම වන්නේ ඔවුන් කරන්න හිටපු දේවල් මේ රජය කරනවා කියන එකයි.තමන්ට කරගන්න බැරි වෙච්ච දෙයක් තව කවුරු හරි කරද්දි මේ අයට හිත රිදිලා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.

