විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකගෙන් කතානායකට පැමිණිල්ලක්


(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

පාර්ලිමේතුවට නුදුරින් පැවැති සමෘද්ධි උද්ඝෝශණය නිසා නියමිත වේලාවට පැමිණීමට නොහැකිවීම නිසා සාපරාධී කාරණාවලදී අන්නොන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවුණු බව විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (9) කතානායක කරු ජයසූරිය මහතාය පැමිණිලි කළහ.

මේ පැමිණිල්ල කළේ ඒකාබද්ධ විපක්ෂයේ චන්දීම වීරක්කොඩි හා පියල් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකි.

මෙහිදී අදහස් දැක්වූ කතානායක කරු ජයසූරිය මහතා පැවැසුවේ පාර්ලිමේන්තුවට පැමිණෙන මාර්ගය මීට පැයකට පෙර විවෘත කළ හෙයින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ට කිසිම බධාවක් නැතැයි පොලිසිය තමාට දැනුම් දුන් බවයි.

තමා මේ ගැන පොලිසියෙන් කරුණු විමසූ බවද කතානායකවරයා වැඩිදුරටත් කීය.