විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධයට ඉල්ලා කතානායකට ලියවිල්ලක්



 
 
සුජිත් හේවාජුලිගේ
 
විපක්ෂ නායක ධුරය ඇතුළු විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධ විපක්ෂයට දෙන්නැයි ඉල්ලමින් එම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අස්සනින් සකස් කරන ලියැවිල්ල පාර්ලිමේන්තුව රැස්වන ලබන 7 වැනි දා කතානායක කරු ජයසුරිය මහතාට බාරදෙන බව එහි ජාතික සංවිධායක, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.


මේ දිනවල ඒ සඳහා මුලික කටයුතු කරගෙන යන බව කී අලහප්පෙරුම මහතා ලියවිල්ලට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 30 දෙනකු පමණ අද (27) වන විට අස්සන් තබා තිබිණැයි ද සඳහන් කරයි.


විපක්ෂනායක ධුරය ඇතුළු විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධ විපක්ෂයට දෙන්නැයි එම විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයා හමුවී පසුගියදා ඉල්ලීමක් කළහ.


එහිදී කතානායකවරයා එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කරන්නැයි ඒ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබිණි.