විපක්ෂයෙන් රජයට ඉල්ලීම් පහක්


ජිවන වියදම අවම කිරීම සඳහා රුපියල් 7500කින් රජයේ සේවක වැටුප් වැඩි කරන ලෙස ද සියලු ජන කොටස්වලට පිළිගත හැකි තිරසාර දේශපාලන විසැඳුමක් ලබාදෙන ලෙස ද රජයට බල කැරෙන යෝජනා විපක්ෂයේ ඒකාබද්ධ මැයි රැලියේ දී සම්මත විය. යාපනයේ පැවැති මේ රැලියේ දී තවත් යෝජනා තුනක්  සම්මත විය. දේශපාලන පලිගැනීම් නවත්වා නිදහසේ ජිවත් විය හැකි ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික අයිතිවාසිකම් තහවුරු කරන සමාජයක් ඇති කරනු. රට සල්ලි උපයන සංක්‍රමණික සේවකයන්ගේ වරප්‍රසාද, අයිතිවාසිකම් හා සුබ සාධන තහවුරු කැරෙන අයුරින් ජාත්‍යාන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය  අ අපරානුමත කරනු තිස් අවුරුදු යුද්ධයේ දී උතුරු නැගෙනහිර උන්හිටි තැන් අහිමිවූවන් මුල්ගම් හි පදිංචි කැරැ ඔවුන්ගේ ජිවිත ගොඩනැඟීමට අවශ්‍ය පහසුකම් සලසනු