විපක්ෂයට කථිකයන් නෑ


අයවැය කාරක සභා විවාදයේ ඛනිජ තෙල් අමාත්‍යංශ වැය ශිර්ෂය ගැන විපක්ෂයට මිනිත්තු 165ක් වෙන් කැර තිබුණත් ඉන් මිනිත්තු 105ක්ම අපතේ ගියේය. විපක්ෂ කථිකයන් නොසිටීම ඊට හේතුවයි. එහෙයින් ඇමැති සුසිල් ප්‍රේමජයන්තගේ මිනිත්තු හතරේ කතාවෙන් පසුව සභාව කල් තැබිණි.  කල්තැබීමේ විවාදයේ ප්‍රශ්නයක් මතු කිරීමට සිටි රවි කරුණානායක එජාප මන්ත්‍රී ද සභාවේ නොවිය.  දවසේ වැඩ කටයුතු ද ඒ නිසා කලින්ම අවසන් විය.