විපක්ෂය පාර්ලිමේන්තුවෙනුත් යයි


දෝෂාභියෝග කමිටුවේ ද සාමාජිකයකු වන ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නැගී සිටි නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු  කෑකෝ ගසමින් බාධා කළහ. ඒ අවස්ථාවේ කතා කරමින් සිටි විජිත හේරත් මන්ත්‍රීවරයා ද සිය කතාව නතර කෙළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් දිගින් දිගටම බාධා කිරීම නිසා විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාම පාර්ලිමේන්තුවෙන් නැගිට ගියහ.