විපක්ෂ නායකට එරෙහිව ඒකාබද්ධය සටනට


සුජිත් හේවාජුලිගේ
 
විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා ගැන රටේම විශ්වාසය පළුදු වී ඇති හෙයින් ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා දේශීයවත් ජාත්‍යන්තරවත් පුළුල් හඬක් නැගීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
 
අද හෙටම එම උද්ඝෝෂණ ව්‍යාපාරය අරඹන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
 
මීට අමතරව සම්පන්දන් මහතා විපක්ෂනායක තනතුරෙන් ඉවත් කරන්නැයි කතානායකවරයාගෙන් නැවත වරක් ලිඛිතව ඉල්ලීමක් කිරීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.