දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් විපක්ෂ නායක ලෙස පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය.
නව පාර්ලිමේන්තුව අද (3) පෙරවරු 9.30ට දෙවැනි දිනට යළි රැස්විය.
රාජ වරෝදියන් සම්පන්ධන් 1933 පෙබරවාරි 5 වැනිදා උපන්නේය. ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙකි. ඔහු වසර 2001 සිට දෙමළ ජාතික සන්ධානයට නායකත්වය දෙයි. 1971 දී මුලින්ම පාර්ලිමේන්තුවට පත්විය.
යාපනයේ ශාන්ත පැට්‍රික් විදුහල කුරුණෑගල ශාන්ත ඈන්ස් විදුහල ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝසප් විදුහල හා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදි සිසුවෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව නීති විද්‍යාලයට බැඳී නීතිඥවරයෙක් විය.
ත්‍රිකුණාමල උසාවියේ නීතිඥවරයකු වශයෙන් කටයුතු කරයි. 1956 සිට ෆෙඩරල් පක්ෂයේ සාමාජිකයෙකි. සම්පන්දන් 2004/2010 හා 2015 ඡන්ද ජයගත්තේය.
ලීලා දේවි මහත්මිය සමඟ විවාහ වූ ඔහු පුතුන් දෙදෙනකු හා දියණියකගේ පියෙකි.
මීට පෙර දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් 1977 සිට 1983 දක්වා විපක්ෂ නායක ධූරයේ කටයුතු කළේය.

