නාලක සංජීව දහනායක
පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක තනතුර සම්බන්ධයෙන් කතානායකවරයා නිවරදි තීන්දුවක් නොගන්නේනම් හෙට (7) පාර්ලිමේන්තුවේදී අරගල කරන බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.
ඒ අනුව විපක්‍ෂනායක තනතුර ඒකාබද්ධ විපක්‍ෂයට නොදෙන්නේ නම් හෙට දිනයේදී කතානායකවරයා ඉදිරිපිට රතුපලස මතට පැමිණීමට තම කණ්ඩායමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ විපක්‍ෂය ලෙස කටයුතු කරන ද්‍රවිඩ ජාතික සන්ධානයට වඩා තම මන්ත්‍රී කණ්ඩායම වැඩි බැවින් නියත වශයෙන්ම විපක්‍ෂනායක ධූරය තම කණ්ඩායමට හිමිවිය යුතු බව ද මන්ත‍්‍රීවරයා කීය.
වත්මන් විපක්‍ෂනායකවරයා රටේ ප‍්‍රශ්න පිළිබඳව කතා නොකරන බවත් සෑම විටකදීම ආණ්ඩුව ආරක්‍ෂා කරමින් ආණ්ඩුවේම කොටසක් ලෙස කටයුතු කළ බවත් ඒකාබද්ධ විපක්‍ෂය සෑම විටකදීම ජනතාවගේ පැත්තේ හිටගනිමින් ජනතා ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටි බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.