(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක ධුරය බහුතර මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් සිටින එකාබද්ධ විපක්ෂයට දෙන්නැයි එම විපක්ෂයේ මන්ත්‍රිවරුන් හෙට (3) පාර්ලිමේන්තුවේදී හඬ නැගිමට තිරණය කර ඇත.
මේ පිළිබදව අප කළ විමසුමකදී අදහස් දැක්වු එකාබද්ධ විපක්ෂයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් කොතෙකුත් ඉල්ලිම් කළත් මෙතෙක් සාර්ථක පිළිතුරක් ලැබී නොමැති බවයි.
මේ නිසා හෙට කතානායකවරයා හමුවට ගොස් මේ ගැන යළිත් වරක් ඉල්ලිමක් කරන බවද ගුණවර්ධන මහතා කීවේය.
විපක්ෂයේ බහුතර මන්ත්‍රිවරුන් පිරිසක් එනම් මන්ත්‍රිවරුන් 70 ක් සිටින්නේ තම කණ්ඩායම සමග යැයි කී ගුණවර්ධන මහතා විපක්ෂ නායක ධුරයේ දැනට කටයුතු කරන ආර් සම්පන්දන් මහතා නායකත්වය දරන ද්‍රවිඩ ජාතික සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිටින්නේ 16 දෙනකු පමණක් යැයි ද සඳහන් කළේය.
ආණ්ඩුවේන් ඉවත් වී විපක්ෂයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් 16 දෙනා ද විපක්ෂ නායක ධුරය එකාබද්ධ විපක්ෂයට දෙන්නැයි අද මැතිසබයේදී ඉල්ලීමක් කිරීමට නියමතව ඇත.