
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද(4) පස්වරුවේ මෙරට ඉරාන තානාපති කාර්යාලයට ගොස් මෙරට ඉරාන තානාපතිවරයා හමු විය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ දිනවල ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, සෞදි අරාබිය, ජොර්දානය, කුවේට් ඇතුළු මැදපෙරදිග කලාපයේ සිදුවන යුද ගැටුම් නිසා සිදුවූ ජීවිත අහිමි වූ ජනතාව වෙනුවෙන් සිය ශෝකය පළ කර සිටියේය.
එසේම මෙම යුද ගැටුම් අවසන් වී මැදපෙරදිග කලාපයට සාමය උදාවේවා ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ප්‍රාර්ථනා කළේය.

