විනිසුරුවරයකු නැතැයි මන්ත්‍රීවරයකු රිමාන්ඩ් කිරිම අසාධාරණයි - කතානායක


ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

විනිසුරුවරයකුගේ  නොපැමිණීම මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිමාන්ඩ් කිරිම අසාධාරණ ක්‍රියාවක් හෙයින් එය අනුමත කළ නොහැකි යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය.

කතානායකවරයා ඒ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මාස තුනක කාලයක් ඇප නොදී රිමාන්ඩ් කිරිම පිළිබඳව මැදිහත් වෙන ලෙස කතානායකවරා ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දීය.