ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා සිය ධූරයෙන් විශ‍්‍රාම ගැනීම සඳහා වන අදාළ ලියකියවිලි රජයට බාර දී ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
විනිසුරු ආබෲ මහතා සිය ධූරයෙන් විශ‍්‍රාම ගැනීමේ ලියකියවිලි මේ වන විටත් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
විනිසුරු ආබෲ මහතාට විශ‍්‍රාම ගැනීමට තවත් වසරකුත් මාස කිහිපයකට වැඩි කාලයකුත් තිබෙන බව දැන ගන්නට ලැබේ.
දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක මහේස්ත‍්‍රාත් ධූරයේ කටයුතු කළ විනිසුරු ආබෲ මහතා පසුව පිළිවෙළින් මහාධිකරණ විනිසුරු ධූරයන්හිද ,අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී පසුගිය රජය සමයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට පත් කරනු ලැබීය.
විනිසුරු ආබෲ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයේ කටයුතු කරමින් සිටින අතරවාරයේදී සිය නිවසේ සේවිකාවකට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විනිසුරුවරයාට එරෙහිව නඩු විභාගයක්ද මීට මාස කිහිපයකට පෙර විභාග වින.

