විනිසුරු වැටුප ඉහළට


අජන්ත කුමාර අගලකඩ
 
විනිශ්චයකාරවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
 
මේ සඳහා අධිකරණ ඇමැති තලතා අතුකෝරල මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
 
ඒ අනුව මහේස්ත්‍රාත්වරුන්ගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ දක්වා වැටුප් ඉහළ යනු ඇත. 
 
මෙය ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව අධිකරණ අමාත්‍යංශය කියයි.