(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය විරෝධීව කටයුතු කරන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනයානුකූල ක‍්‍රියාමාර්ග ගැනීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
විනය මණ්ඩලවලට හමුවට ඉදිරිපත් කර මෙම ක‍්‍රියාමාර්ග ගැනීම සිදුකරන බව ද අමාත්‍යවරයා සඳහන් කීවේය. මෙම ක‍්‍රියාමාර්ග ගන්නේ පක්‍ෂයේ අය ඉවත් කිරීමේ හෝ එලවා දැමීමේ අරමුණින් නොවන බව කී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සියලූ දෙනා එක්කර ගෙන ඉදිරියට යාම සඳහා ඉදිරියේදීත් උත්සාහ ගන්නා බව ද කීවේය.
සන්ධාන මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

