විධායක ශ්‍රේණි නිලධාරීහු වර්ජනයකට සැරසෙති


( රංජන් කස්තුරි )
 
රජයේ විවිධ ආයතනවල සේවය කරන විධායක ශ්‍රේණියේ නිලධාරීන් පිරිසක්  හෙට ( 27) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට  නියමිත  බව  රජයේ   විධායක  නිලධාරීන්ගේ   ඒකාබද්ධ කමිටුව පවසයි.
 
රජයේ විධායක නිලධාරීන්ට බලපා තිබෙන වැටුප් විෂමතාවයට විසඳුම්  ලබා ගැනීම ,වැටුප් කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කිරීම ඇතුළු ගැටළු කිහිපයකට විසඳුම් ලබා දෙන  ලෙස බල කරමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුන් සඳහන් කරයි.
 
රාජ්‍ය සේවයේ  වෘත්තීය සමිති 13 කට අයත් විධායක නිලධාරීන් 1500 කට අධික පිරිසක්  මෙම වර්ජනයට සහභාගීවීමට නියමිතය.
 
මේ හේතුවෙන් රාජ්‍ය ආයතන අක්‍රීය වීම සම්බන්ධයෙන් සියලු වගකීම් රජය විසින් ගත යුතු යැයි ද එම කමිටුව සඳහන් කරයි.