(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගී කාන්තාවක් අද (20) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය .
ශ්‍රී ලංකාවේ සංචාරය පිණිස පැමිණි 34 හැවිරිදි චීන ජාතික කාන්තාව අද (20) සවස 3.35 ට අබුඩාබි නුවර සිට පැමිණි එටියාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 267 (E.Y. - 267 ) දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 9,20,000 ක් බව රේගුව සඳහන් කරයි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජබීර් මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිෂාන් අබේනායක සහ ඩී.එම්.ආර්.සිරිල් යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

