විදේශයෙන් ආ 14 දෙනා නිරෝධායනයට දියතලාවට


( ඩී.කේ.රත්න )

විදේශීය රටවල සිට පැමිණි ශ‍්‍රී ලාංකික පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා අද (12) දියතලාව යුධ හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇතයි දියතලාව යුධ හමුදාව පැවසීය.

මෙම පිරිසට විදේශීය රටවල සිට පැමිණි පිරිමි පුද්ගලයින් දස දෙනෙකු සහ කාන්තාවන් හතර දෙනෙකු අයත්ව ඇතයි යුධ හමුදාව කියයි.

යුධ හමුදා නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියුලූ දෙනාම දින 14 ක් නිරෝධායනය සිදු කිරීම සදහා දියතලාව යුධ හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කර තිබේ.