විදේශගත ශ්‍රමිකයන් ගේ පහසුකම් සොයා බලයි


(විනීතා එම් ගමගේ)
 
 විදේශ රටවල දූත මණ්ඩලයන්හි කම්කරු සුබසාධන අංශ සමඟ ඍජුව සම්බන්ධවෙමින් එම රටවල  ශ්‍රමිකයන් පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබේ.
  
දූත මණ්ඩල 16 ක කම්කරු සුබසාධන අංශ වෙත කාර්යංශය දන්වා ඇත්තේ කම්කරු සුබසාධන අරමුදලේ මුදල් වියදම් කර සහන සලසන ලෙසය.
 
 එම අරමුදලට අමතරව කාර්යංශය මගින්ද එකී දූත මණ්ඩල වෙත රුපියල් ලක්ෂ අසූවක් යවා තිබේ.
 
 කුවේට,ඩුබායි,අබුඩාබි,සිංගප්පූරුව , ජෝර්දානය බහරේන්, සයිප්‍රස්,ඊශ්‍රායල් , ජෙඩා,රියාද්, මැලේසියා , ඕමාන්, මාලදිනයින, කටාර්, දකුණු කොරියාව හා ලෙබනනය යන රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ කොන්සල් කාර්යාල වෙත මෙම උපදෙස් යැවූ බව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පැවැසීය. 
 
සහන සැලසීමේදී නීතිමය තත්ත්වයන්  පිළිබඳ සැලකීමකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් වෙත එකසේ කටයුතු කරන ලෙස ද උපදෙස්දුන් බව සභාපතිවරයා පැවසීය.