නව රජය යටතේ වෙළඳ, සංචාරක හා අයෝජන ප‍්‍රවර්ධනය කේන්ද්‍ර කර ගත් රාජ්‍යතාන්ත‍්‍රික ආර්ථික ප‍්‍රතිපත්තියක් ශ්‍රී ලංකා විදේශ සේවයට හඳුන්වාදෙන බව නව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
අමාත්‍ය ධූරයේ අද (24) වැඩ බාර ගනිමින් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම අදහස් දැක්වීය.
අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප‍්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරන බවයි.
ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් ඉකුත් ජනවාරි 8 වැනිදා සිදුකළ විප්ලවයෙන් ලංකාවට ලබාදුන් අති විශාල කීර්තිය තව තවත් ගොඩ නඟමින් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවර දේශපාලන පසුබිම මෙවර පැවති මහමැතිවරණයේ ජනතාව ලබාදුන් ජනවරමෙන් පැහැදිලි බවද අමාත්‍ය සමරවීර මහතා කියා සිටියේය.
මෙවර මහමැතිවරණයෙන් මාතර දිස්ත‍්‍රික්කයේ වැඩිම දෙවැනි මනාප ලබා ගනිමින් නව රජයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් සමරවීර මහතා එම අමාත්‍ය ධූරය දරණ තෙවැනි අවස්ථාව මෙයයි.

