රංජන් කටුගම්පොළ හා මනෝප්‍රිය ගුණසේකර
විදේශ විනිමය පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව ඉදිරි කාලයේදී කතානායකවරයා වෙත දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. මෙම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් තුනක් අද (24 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනිණ.
නීතිඥ දර්ශන වේරදුවගේ, නීතිඥ නාගහකන්ද කොඩිතුවක්කු හා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත. මෙම පෙත්සම්වල වග උත්තරකරු හැටියට නීතිපති නම් කරනු ලැබ තබිණ.
මෙම පෙත්සම් වලින් කියාසිටින්නේ දැනට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති විදේශ විනිමය පාලන පනත් කෙටුම්පතෙහි විධිවිධාන මගින් දැනට විදේශ විනිමය පාලනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට හිමි වී ඇති සම්පූර්ණ බලය ගිලිහී යම් පමණකට මුදල් ඇමතිවරයා වෙත බලතල පැවරෙන බවයි.
එය ශ්‍රී ලංකාවේ මූල්‍ය කෙටුම්පත් තත්ත්වයට ඉතාමත් අහිතකර අන්දමින් බලපාන බවත් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද විශේෂ බහුතරයකින් මෙම කෙටුම්පත සම්මත කිරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

