(මනෝජ් හර්ෂික)
විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා විශේෂ වැඩ සටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ මහජන බැංකුව සමඟ එක්ව මෙම වැඩසටහන සැළසුම් කර ඇත.
එහිදී පෙර විගමණික ණය, ස්වයං රැකියා ණය හා නිවාස ණය මුදල් ලබාදීම පිළිබදව මූලික වශයෙන් අවධානය යොමු කරයි.
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නියෝජිතයින් සමඟ දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමයේ අඩුපාඩු හා ණය මුදල වැඩි කර ගැනීමත්, ශ්‍රමිකයින්ගේ ආයෝජන අවස්ථා වැඩි කරගැනීමට උපකාර කිරීමත් යන කරුණු පිළිබදව මෙහිදී වැඩි අවධානය යොමු කෙරේ.
මහජන බැංකුවේ නියෝජිතයින් සමඟ දැනට ලබාදෙන රු.50,000 පෙර විගමණික ණය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩිකර ගැනීමටත් නිවාස ණය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ගැනීමටත් මෙහිදී සලකා බැලේ.
එසේම අකර්මන්‍ය වී ඇති ස්වයං රැකියා ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබදවත් අවධානය කර ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

