නිමල කොඩිතුවක්කු
නීති විරෝධී ආකාරයට ශ‍්‍රමිකයින් පිටත් කර යැවීමට උත්සාහ කළ හා මුදල් වංචා කළ විදේශ රැකියා ආයතන හා පුද්ගලයින්ට විරුද්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේ මුල් මාස හත තුළදී නඩු 163 ක් පවරා ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
විදේශ රැකියා සම්බන්ධයෙන් වන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සඳහා කිසිදු සමාවක් ලබා නොදෙන බවත් ඒ සම්බන්ධයෙන් වන නීති රීති මේ වනවිට තර කර ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
නීති විරෝධී ආකාරයට පුද්ගලයින් විදේශ ගත කරන්නන්ට හා ඔවුන්ට සහාය ලබාදෙන පුද්ගලයින්ට විරුද්ධව දැඩි නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
එමෙන්ම මෙම ජාවාරම්වලට සහාය ලබාදෙන නිලධාරීන් වෙතොත් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමටද කිසි විටෙක පසුබට නොවන බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.