විදේශ මුදල් පනතින් ජාවාරම්කරුවන් රකිනවා - පුබුදු


විනීතා එම් ගමගේ
 
විනිමය පාලන පනත අහෝසි කර අලූතින් ගෙන ආ විදේශ මුදල් පනත ජාවාරම්කරුවන් වෙනුවෙන් වාසි සලසන පනතක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.
 
ජයගොඩ මහතා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (24) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.   
එම පනත අනුව බැඳුම්කර වංචාව ඇතුළු මූල්‍ය වංචාවන්ට වගකිව යුතු බොහෝ දෙනෙකුට එරෙහිව නඩුවක් පවා පවරන්නට නොලැඛෙන බවත් ඔවුන්ට ගැලවී යන්නට අවස්ථාව ලැඛෙන බවත්  හෙතෙම පෙන්වා දුන්නේය.
 
‘විනිමය පාලක පනත වෙනුවට පසුගිය 17 වැනිදා විදේශ විනිමය පනත ගෙනාවා. එය රනිල් වික්‍රමසිංහ මහතාගේ අස්සනින් යුතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර ඉකුත් ජුනි මාසයේ දී සම්මත වූ එකක්. එම පනත අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් පළ වී තිඛෙනවා.  කළින් තිබුණේ විනිමය පාලන  පනත. එය අහෝසි කර 2017 විදේශ විනිමය පනත ගෙනාවේ. මේ පනත විවාදයට ගන්නා අවස්ථාවේ පවා මේ ගැන විපක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයේ කිසිවෙක් උනන්දු වුනේ නැහැ.  ‘‘