(ප්‍රසාද් මුතුකුඩ )
රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා විදේශ දුම්වැටි තොගයක් සහ චිනයේ නිෂ්පාදිත දුම්කොළ මිශ්‍ර දුම්කුඩු කිලෝ 03ක් නීති විරෝධි ලෙස ගෙන ආ බව කියන චීන ජාතිකයින් පස්දෙනකු අද (09) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය පවසයි.
චීන ජාතිකයින් වෙන් වෙන් වශයෙන් දුම්වැටි සහිත ගමන් මලු රැගෙන පැමිණ තිබිණි.
පිටකොටුවේ ව්‍යාපාරික අතරමැදියන් හරහා ඒවා වැඩි මිලකට අලෙවි කිරිමට චින ජාතිකයින් සැලසුම් කර තිබු බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.



